සබරගමුව පළාත ඇතුළු මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව බස්නාහිර, වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
පස්වරු 2.00 න් පසුව ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
එමෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැයට කිලෝමීටර් 30-40 ත් අතර තරමක තද සුළං තත්ත්වයක් විටින් විට ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි.

