ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට.

0
4

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ (14) රාත්‍රියේ අබුඩාබි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස සැකකෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබේ.

​දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ශිරාන් බාසික්, 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පලාගොස් සිටි අතර ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කර සිටි අයෙකි.

ඉරාන-අමෙරිකානු ගැටුම් අතරතුර ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පහරදීමට භාවිත කළ ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප හා වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරදට පසුගිය මැයි 26 වන දින ඩුබායි පොලීසිය විසින් මොහුව අත්අඩංගුවට ගන්නා ලදී.

 මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සහ තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීම්වල සාමාජිකයෙකු වීම මෙන්ම අනර්ථයන් සිදුකිරීම යන චෝදනා සැකකරුට එරෙහිව පවතී.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ හරහා උපයාගත් බවට සැකකෙරෙන මොහුගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ විමර්ශන සිදු කිරීමට පොලීසිය නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here