ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

0
69

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 659ක් ලබා ගනිමින් එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ 9 වන ස්ථානය හිමිකරගෙන තිබේ.

මෙම ලැයිස්තුවේ කුසල් මෙන්ඩිස් 12 වන ස්ථානයටත් පැතුම් නිස්සංක 15 වන ස්ථානයටත් එක් ස්ථානය බැගින් පහත වැටී ඇත. ඉන්දියාවේ ශුබ්මන් ගිල්, නවසීලන්තයේ ඩැරල් මිචෙල් සහ විරාත් කෝලි පිතිකරණ අංශයේ පිළිවෙලින් මුල් ස්ථාන තුන පසුවේ.

එක්දින පන්දු යැවීමේ අංශයෙන් ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පෙරමුණේ පසුවන අතර, ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ 6 වන ස්ථානයෙත් වනිඳු හසරංග 15 වන ස්ථානයෙත් රැඳී සිටියි.