කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ අවමංගල උත්සවයට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (14) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා වෙත පිටත්ව ගොස් තිබේ.
එතුමිය සමග දූත පිරිස ලෙස තවත් එක් අයෙකු ද මෙම ගුවන් ගමන සදහා එක් වී සිටියේය.
එසේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම ගුවන් යානයෙන්ම මෙම අවමගුල් උත්සවයට සහභාගී වීම සදහා පිටත්ව ගියහ.
පස්වරු 06.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව ගොස් තිබුණි .

