මෙරට 05වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එය ලබන නොවැම්බර් මස අග භාගය දක්වා මෙම සමීක්ෂණය සිදුකෙරන බව එම අමාත්‍යාංශය සදහන් කරයි.
මෙය දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි සිදුකෙරෙන අතර එහිදි තෝරාගත් පාසල් සහ නිවාස කේන්ද්‍ර කරගනිමින් දත්ත රැස් කිරීමට නියමිතයි.
මේ අතර, ජාතික මුඛ සමීක්ෂණය සාර්ථක කරගැනීම සඳහා පාසල් සහ නිවෙස් වෙත පැමිණෙන සිය වෛද්‍යවරුන්ට අවශය සහය ලබාදෙන ලෙස ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ ප්‍රධාන සමීක්ෂක විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා ඉල්ලීමක් සිදුකර තිබේ.

