ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසයි.

0
1

NEWSNOW | –  ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ එළැඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය වන බවය.

වර්තමානය වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ධාවනය අපහසු වී ඇති බවත් පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මින් පෙර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 2-3ත් අතර ප්‍රමාණයක් ධාවනය කළ හැකිව තිබූ බවය.

නමුත් එම දුර ප්‍රමාණය දැන් අඩුව ඇති බවත් මේ වන විට එම ප්‍රදේශ ආශ්‍රිතව ඩීසල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 2කටත් වඩා අඩු ප්‍රමාණයක් වන බවත් පැවසීය.

ඒ අනුව බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 5-6ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here