නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

0
152

නවම් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද (01) දිනය පුරා දිවයිනේ වෙහෙර විහාරස්ථාන වල දාන ශිලා භාවනා කටයුතු සිදු කෙරේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

එමෙන්ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර විශාලා නුවර චාපාල චේතිය අසලදී අයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේද අද වැනි නවම් පොහෝ දිනක බවද බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.