NEWSNOW | – ඊයේ අලුයම ගාසා තීරයේ අල් ශිෆා රෝහල අසල පිහිටි මාධ්‍යවේදීන්ගේ කූඩාරමකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය අල් ජසීරා වාර්තාකරු අනස් අල්-ෂරීෆ් “ත්‍රස්තවාදියෙකු” ලෙස බටහිර ප්‍රවෘත්ති ආයතන කිහිපයක් ලේබල් කිරීම බොහෝ දෙනෙක් හෙලා දැක තිබේ.
කිසිදු සාක්ෂියක් නොමැතිව, රොයිටර්, ස්කයි නිවුස්, ද ටෙලිග්‍රාෆ් සහ ද නිව් යෝර්ක් ටයිම්ස් ඔවුන්ගේ සිරස්තලවල ඊශ්‍රායලයට සහය පල කරමින් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම සාධාරණීකරණය කර ඇත.
මාධ්‍යවේදී අල්-ෂරීෆ් ඝාතනයට මාස කිහිපයකට පෙර සිට ඔහු, ඊශ්‍රායල හමුදා මඩ ගැසීමේ ව්‍යාපාරයක ඉලක්කය වී සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. නමුත් ඔහු හමාස් සංවිධානයට සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් සැපයීමට ටෙල් අවිව් අපොහොසත් වූ බවද එහි දැක්වේ.
ඊශ්‍රායල හමුදා මෙතෙක් ඉදිරිපත් කර ඇති කිසිවක් ඔහු හමාස් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට කිසිදු සහතිකයක් ලබා නොදෙන බවද සඳහන් වේ.
වටලනු ලැබූ ගාසා තීරයේ අවසන් වාර්තාකරුවන්ගෙන් කෙනෙකු වූ අල්-ෂරීෆ්, 2024 දී ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධය ආවරණය කිරීම සඳහා පුලිට්සර් ත්‍යාගය දිනා ගත් රොයිටර් කණ්ඩායමේ සාමාජිකයෙකු විය.