බස් – ටිපර් අනතුරෙන් 26 දෙනෙක් රෝහලේ

0
107

NEWSNOW | – කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේදී බස්රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (12) අලුයම 3ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මෙහිදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටී ඇත.

ඉන් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල් වෙත ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.