පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නොකියාම ඉල්ලා අස් වුණාද?

0
113

NEWSNOW |- පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් newsnow අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ නිලධාරියෙකු පැවසුවේ පෞද්ගලික හේතුවක් මත ඔහුට ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවයි.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති අතර මේ දක්වා ඊට අනුමැතිය ලැබී නොමැති බවද එම නිලධාරියා පැවසීය.