ගුවන් හමුදා පුහුණු යානයක් වාරියපොළදී කඩා වැටෙයි

0
155

NEWSNOW | –  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් අද(21) උදෑසන වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී කඩාවැටී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කපිතාන් එරන්ත ගීගනගේ පැවසුවේ  කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහී ගිය බවයි.

පසුව එය වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටී ඇති බව සොයා ගෙන තිබේ.

එහි සිටි නියමුවන් දෙදෙනා ආරක්ෂිතව පැරිෂුට් මගින් ගොඩ බැස ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.