මේ රාමසාන් සමයේ ලොව රට ඉඳි නිෂ්පාදනය කරන රටවල් ගැන දැනගමු

0
114

NEWSNOW | – මෙය ලොව පුරා මුස්ලිම්වරුන් අළුයම සිට හිරු බැස යන තෙක් කිසිත් නොකා නොබී සහ ලිංගික ඇසුරෙන් ඉවත්ව උපවාසය රකින රාමසාන් හෙවත් රමළාන් මාසයයි. ඔවුන් උපවාසය අවසන් කරන්නේ රට ඉඳි කිහිපයක් අනුභව කිරීමෙනි. මුහම්මද් නබිතුමන්ගේ ආදර්ශය මෙය වීම මේ සඳහා වන ප්‍රධාන හේතුවයි.

මෙම ලිපිය උපවාසයේ අධ්‍යාත්මික පරාසය වෙනුවට රට ඉඳි ගැන විස්තර කරන්නකි. රට ඉඳි ඉතා පෝෂණීය පළතුරු වර්ගයක් වන අතර විටමින් ඛණිජ සහ තන්තුවලින් අනුන මෙම පළතුර ආහාරයක් ලෙසින්ද ගෙන දිවි රැක ගත හැකිය. ජීවත් වීම සඳහා ආහාරයක් ලෙස ගත හැකි එකම පළතුරු වර්ගය වන්නේ රට ඉඳිය. එක් රට ඉඳි ගෙඩියක දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය අවම කැලරි ප්‍රමාණය අඩංගු වෙයි. ලොව මැද පෙරදිග සහ ඉන්දියාව පාකිස්තානය ඇතුලු ඇතැම් ආසියාතික රටවල වගා කරන රට ඉඳි අතරින් ප්‍රකට වර්ග කිහිපයක් වෙයි. මෙද්ජූල්, මබ්රූම්, අජ්වා, දෙග්ලෙත් නූර්, පියාරෝම් මේ අතරින් ප්‍රධානය.

මෙද්ජූල් – මෙය ප්‍රමාණයෙන් අනෙක් වර්ගවලට වඩා විශාල වන අතර තද පැහැයකින් යුත්ය.
මබ්රූම් – පැනි රසයෙන් අඩු මෙම රට ඉඳි වර්ගය රත් දුඹුරු පැහැයෙන් යුත් වන අතර දිගටි හැඩයක් ගනියි
අජ්වා – මෙය ඉති සුමිහිරි එමෙන්ම සිනිඳු ගතියක්නි යුක්තය. මෙම වර්ගය වගා කරනු ලබන්නේ නබිතුමන් සිය අවසන් කාලය ගත කළ හා එතුමන් සොහොන් ගතව සිටින මදීනා නගරයේ හෙයින් අජ්වා අනුභව කිරීම නබිතුමන් සිහි කරන්නක් ලෙසින්ම ලොව මුස්ලිම්වරු සිතති.
දෙග්ලෙත් – මෙය ප්‍රමාණයෙන් මඳක් කුඩා රට ඉඳි වර්ගයකි. සෘජුවම අනුභව කිරීමට වඩා ආහාර සැකසීම සහ බේක් කිරීමට මෙය වැඩියෙන් යොදා ගැනේ
නූර් පියාරෝම් – තද පැහැයෙන් යුත් මෙම වර්ගය වියලි ගතියක්නි යුතු වන අතර සුවිශේෂි රසයකින්ද පොහොසත්ය

රට ඉඳි සම්බන්ධ තවත් රසවත් තොරතුරු

රට ඉඳි යනු ලොව වසර දහස් ගණනක් තිස්සේ වගා කරනු ලබන බෝගයකි. රටඉඳි අතර පිරිමි සහ ගැහැණු ගස් තිබෙන අතර ඵල දරන්නේ ගැහැණු ශාකයයි.

මනාව නඩත්තු කළහොත් රටඉඳි ගසක් වසර 100 කට වඩා නොමැරී පවතිනු ඇති අතර හොඳට වැඩුනු රටඉඳි ගසකින් රටඉඳි කිලෝග්‍රෑම් 100 කට වඩා එක් සෘතුවකට නෙලා ගත හැකිය. මෙය ඉඳි ගෙඩි 10,000 කට සමාන බරකි. ලොව ජනප්‍රියම රටඉඳි වර්ග අතරින් අජ්වා ප්‍රධානය.

රටඉඳි වැඩියෙන්ම නිපදවන රටවල්

2022 වසරෙහි ලොව පුරා විවිධ රටවල් විසින් රටඉඳි ටොන් මිලියන 10 ක් පමණ නිෂ්පාදනය කරන ලදී. මැද පෙරදිග සහ අසල්වැසි ප්‍රදේශවල මෙන් දිගු, උණුසුම් ගිම්හාන සෘතු ඇති ඇති රටවල රටඉඳි ගස් සශ්‍රීකව වැඩේ. මිසරය ලොව වැඩියෙන්ම රටඉඳි උත්පාදනය රට වන අතර ගෝලීය රටඉඳි වලින් 18 % ක් පමණ එම රටෙහි නිපදවනු ලැබේ. එයින් පසුව 17 % ක් සවුදි අරාබියෙහි නිපදවන අතර තෙවන ස්ථානය හිමි වන්නේ ඇල්ජීරියාවටයි. ඇල්ජීරියාව ගෝලීය රට ඉඳි උත්පාදනයෙන් 13 % ට දායක වෙයි.

ඊශ්‍රායේලයේ වගා කරන රටඉඳි වර්ජනය කිරීම

ඊශ්‍රායලයද ලොව විශාලතම රටඉඳි අපනයනය කරන රටක් වන අතර, 2022 වසරෙහි ඩොලර් මිලියන 330 ක් වටිනා මෙදිජූල් රටඉඳි අපනයනය කළේය. ගාසාවෙහි ඊශ්‍රායලය සිදු කළ මිනිස් ඝාතන 61,000 ක් ඉක්මවා ඇති තත්වයක රට ඉඳි ඇතුලු ඊශ්‍රායල නිෂ්පාදන වර්ජනය කරන ලෙස මුස්ලිම් අරාබි ඇතුලු ලොව පුරා රටවලින් පලස්තීන රජය ඉල්ලා සිටියි.
පහත දක්වා ඇත්තේ ඉස්රායේලයේ උත්පාදනය කරන රට ඉඳි සඳහා ප්‍රකට සන්නාමයන්යි:

 

හැඩික්ලයිම් සහ එහි වෙළඳ නාම වන කිං සොලමන්, ජෝර්දාන් රිවර් සහ බයෝ ටොප්
මෙහාඩින්
එම්ටෙක්ස්
එඩොම්
කාර්මෙල් ඇග්‍රෙක්ස්කෝ
අරාවා