අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම්

0
130

NEWSNOW| – 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) දින ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවය.

මේ අනුව විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දැනුම්දෙයි.

එසේම, විභාගයේ දී සිදුවන අක්‍රමිකතා අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.