“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඇරඹීමට සුදානම්

0
43

NEWSNOW | – රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්’ය සාධක බළකායක් පසුගිය දා ස්ථාපිත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ලේකම් ආචාර්’ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්’ය සාධක බළකායට ඇතුළත් කර ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නියමිත කාලසීමාව තුළ සැලසුම් කිරීම, මඟපෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්’ණ කිරීම මෙම ජනාධිපති කාර්’ය සාධක බළකායට පැවරී ඇති වගකීම්ය.