NEWSNOW | – සෞදි ජාත්‍යන්තර හස්ත කර්’මාන්ත සති ප්‍රදර්ශනය “Banan 2024” 2024 නොවැම්බර් 23 සිට 29 දක්වා රියාද් හිදී සාර්’ථකව පැවැත් වුණි. ඒ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙනි.
ශ්‍රී ලාංකීය හස්ත කර්’මාන්ත සමාගම් හතරක් ප්‍රථම සහභාගීත්වයෙන් සංවිධානය කර තිබුණි.
එම ප්‍රදර්’ශනය විවෘත කළේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වද් මහතා විසිනි.
මෙම ජාත්‍යන්තර ප්‍රදර්’ශන ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සමාගම්වල සහභාගීත්වයෙන් පැවති අතර ඒ අනුව ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ට ප්‍රදර්ශනය කිරීමට සහ අලෙවි කිරීමට උපකාරී වනු ඇති බව තානාපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ඔවුන්ගේ නව නිෂ්පාදන හෙළිදරව් කිරීම සඳහා මේවැනි අවස්ථා ලබා දීම ශ්‍රී ලංකාවේ අපනයන කර්’මාන්තය ප්‍රචලිත කිරීමට සහ ශ්‍රී ලංකාවේ හස්ත කර්’මාන්තයට ඔප් නැංවීමට වීමට උපකාරී වේ.