මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරනවා – වසන්ත සමරසිංහ

0
166

NEWSNOW| – සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බල වේගයේ නැගෙනහිර අනුරාධපුර මහජන සම්බන්ධීකාරක කාර්යාලය අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී ඇමැතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු රජයේ නිවාසයක් භාවිතා නොකරන බවයි.

“හිටපු ඇමැතිවරු නිවාස භාරදීලා තියනවා. අපේ ඇමැතිවරු කිසිවෙක් නිවාස ඉල්ලලා නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර තියන දිනවල නවතින්න මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයෙන් නිවසක් දෙනවා. ඇමැතිවරයා විදියට මට V8 වාහන තුනක් ලැබෙනවා. නමුත් ඒ කිසිවක් මම පාවිච්චි කරන්නේ නෑ. වැටුප මන්ත්‍රිවරුන්ට හිමි දෙයක් හැබැයි විශ්‍රාම වැටුප නම් අනිවාර්යෙන්ම අහෝසි කරනවා.”