වාර්’තා බිඳිමින් ගම්පහින් පළමු තැනට ආ විජිත හේරත්

0
39

NEWSNOW| – මෙවර මහ මැතිවරණයේ ප්‍රථිපල වලට අනුව ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබා පළමු තැනට තේරී පත්ව තිබේ.

එය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවයි. එසේම ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවද වේ.

මීට පෙර මැතිවරණයක දී එම වාර්තාවට හිමිකම් කිවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 16ක් හිමිවිය.

මීට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ මනාප නිකුත් කර තිබූ අතර ඒ වනවිට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට පත්ව තිබුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට ආසන 14ක් හිමිවු අතර ඉන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස ඇය මනාප සංඛ්‍යාව 655,289ක් හිමිකර ගෙන තිබුණි.