දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
180
NEWSNOW | –  අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව අනතුරු අඟවයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.