තුර්’කි ජනරජයේ 101 වන සංවත්සරය වෙනුවෙන් එරට තානාපතිවරයා නිකුත් කළ විශේෂ පණිවිඩය

0
63
NEWSNOW | – මෙම වසරේ ඔක්තෝබර් 29 වන දිනට යෙදෙන තුර්’කි ජනරජය පිහිටුවීමේ 101 වන සංවත්සරය අප සමරන්නේ ඉමහත් අභිමානයෙන් සහ සතුටෙනි.
මෙම දිනය ලොව පුරා වාසය කරන තුර්’කි ජනතාවගේ හදවත් තුළ සැලකිය යුතු ස්ථානයක් හිමි කර ගෙන ඇති දිනයකි. තුර්’කි විමුක්ති සටනේ සේනාධිනායකය සහ පසුව අප දේශයේ පළමු ජනාධිපති බවට පත් වුනු මුස්තාෆා කෙමාල් අටටුර්’ක් ප්‍රමුඛ අපගේ ජාතික වීරයන් විසින්, තුර්’කි දේශයෙහි අනාගතය සඳහා වන මුල් ගල තැන්පත් කරන ලද්දේ වසර 101 කට පෙර මෙවන් දිනයකය.
තම ස්වාධීනත්වයට සහ නිදහසට සැමවිටම කැප වූනු තුර්’කි ජාතිය බාහිර හා අභ්‍යන්තර බලවේගවල පාලනයට එරෙහිව සටන් කර තුර්’කිවරුන්ගේ පියා යැයි විරුදාවලි ලත් අටටුර්’ක්ගේ නායකත්වය යටතේ ජය ගත්තේය. තුර්’කි ජනරජයේ දෙවන සියවස් සංවත්සරයට අප පා තබන මෙම මොහොතෙහි අනාගමික, ප්‍රජාතන්ත්‍රවාදී, නවීන සහ සමෘද්ධිමත් ජාතියක පරමාදර් සහ මූලධර්’ම මත ස්ථාපිත වූ අපේ රටේ පිහිටුවීම සමරන්නේ ඉමහත් සාඩම්බරයෙනි.
තුර්’කි ජනරජයේ ශ්‍රී ලංකාවේ (සහ මාලදිවයිනේ) තානාපතිවරයා වශයෙන්, ජනරජයේ 101 වැනි සංවත්සරය ඔක්තෝබර් 29 වැනි දින කොළඹදී සැමරීමට ලැබීම මහත් සතුටක් සහ ගෞරවයක් මාහට ගෙන දෙයි. මෙම දිනයෙහි අපගේ අනාගතය සහතික කිරීම සඳහා නොපසුබස්නා උත්සාහයන් ගත් අපගේ මුතුන් මිත්තන් සහ අපගේ ජනයාගේ පරිත්‍යාග අප ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.
තුර්’කි පිහිටා ඇත්තේ ආසියානු සහ යුරෝපීය මහාද්වීපවලට පාලමක් ලෙසින් විවිධ ශිෂ්ටාචාරවල සන්ධිස්ථානයකය. වසර දහස් ගණනක් පුරා ගැඹුරින් මුල් බැසගත් ඉතිහාසයක් සතු තුර්’කි ජාතිය අද සිටින්නේ ශක්තිමත් ආර්’ථිකයක් සහ හමුදාමය මෙන්ම තාක්‍ෂණික ජවයක් සහිත කලාපීය බලවතෙකු ලෙසිනි.
තුර්’කි දේශය ගත් කල ඉතිහාසය පුරාම ආරක්‍ෂාව, තාක්‍ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, බලශක්තිය සහ තවත් බොහෝ අංශවල කලාපෘය පුරෝගාමියෙකු බවට පත්ව ඇත. අපගේ දේශයේ පිහිටුවීම වසර 101 ක් පසු කර යන මෙම මොහොතෙහි රෙසෙප් තය්යිප් එර්’ඩෝගන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තුර්’කියෙහි සියවස’ පිළිබඳ අපගේ දැක්ම, ඉදිරි සියවස සඳහා අපගේ රට සමකාලීන ශිෂ්ටාචාර මට්ටමින් පරිවර්’තනය කිරීමට සහ ඉහළ නැංවීමට අවශ්‍ය පුළුල් මාර්’ග සිතියමක් අපට සපයයි.
කලාපයේ විවිධ ගැටුම් සහ යුද්ධවලින් වටවී ඇති තුර්’කියේ එහි කලාපයේ සහ ඉන් ඔබ්බෙහි මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් රටේ සාමය සහ සෙසු ලොවේ සාමය‍ යන ආරම්භක මූලධර්’මය මත පදනම්ව සාමය සහ සමෘද්ධිය සඳහා වන සිය කැපවීම නොකඩවා සිදු කරමින් සිටියි. අප දේශයේ රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය වසර 101 ඉක්මවා ඇති අතර රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 261 ක් ඇති ලොව තුන්වන විශාලතම රාජ්‍යතාන්ත්‍රික ජාලය හිමි රට ව්නනේ තුර්’කියේ දේශයයි. ගෝලීය අසාධාරණයන් සහ ආර්’ථික අසමානතා තුරන් කිරීම සහ සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්’ධනය කිරීම සඳහා අප ලොව පුරා විවිධාකාර මුල පිරීම්වලට පුරෝගාමී වී ඇත්තෙමු.
නැගෙනහිරෙන් යුරෝපා මහද්වීපයටද බටහිරින් ආසියා මහ ද්වීපවයටද අයත් වන දේශයක් ලෙසින් තුර්’කියේ ලොව පුරා සිය උපායමාර්’ගික සබඳතා ශක්තිමත් කර ගෙන ඇත. තවද ඒෂියා අනිව්’ සංකල්පය ඇතුළු බහුවිධ මුලපිරීම් ප්‍රවර්’ධනය කරන්නටද අප රට සමත් වී ඇත. ගෝලීයව ගත් කල ආසියාව වෙත වැඩි වෙමින් පවතින අවධානය හඳුනා ගනිමින්, පොදු අරමුණු සහ අවශ්‍යතා මත පදනම්ව අපගේ සබඳතා ප්‍රවර්’ධනය කිරීමේ අරමුණින්, ආසියා සහ ශාන්තිකර කලාපය සඳහා වූ සාකල්‍ය සහ විස්තීර්’ණ ප්‍රතිපත්තියක අත්තිවාරම් දැමීමේ මුලපිරීම 2019 දී තුර්’කිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම ප්‍රතිපත්තියේ වැදගත්ම යොමුව ලෙසින් දකුණු ආසියාව සහ විශේෂයෙන් ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරුදාවලි ලත් ශ්‍රී ලංකාව සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාව සහ තුර්’කියේ 1864 දක්වා අතීතයට දිවෙන සාමකාමී මිතුදමක ඉතිහාසයකට හිමිකම් කියති. කාලයත් සමඟ අපගේ සබඳතාවය වඩාත් පුළුල් හා ශක්තිමත් වූ අතර අපගේ සහයෝගීතාව බොහෝ ක්‍ෂේත්‍රවලට ව්‍යාප්ත වී ඇත. අප දෙරටේ ජනයාගේ හදවත් වඩාත් සමීප කරවන ඓතිහාසික හා සංස්කෘතික පොදු උරුමයන් රැසක්ද අප සතු බව දැකීම මට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙයි.
තම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතරම, සැමවිටම සුහද හා පරෝපනකාරී රාජ්‍යයක් ලෙසින්ම තුර්’කියේ පවතින බවට සෙසු ලෝකයායේ පැසසුමට අප ලක්ව සිටිමු. 2006 වසරෙහි සුනාමි ව්‍යසනයෙන් කලාපයේ රටවලට දරුණු බලපෑම් ඇති වු විට ශ්‍රී ලංකාව වැනි කලාපයේ වින්දිත රටවලට අප ලබා දුන් කඩිනම් සහය මගින් මෙය වඩා හොඳින් පිළිබිඹු විය. මෙවන් පියවර මගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් තුළ සුවිශේෂී ස්ථානයක් තුර්’කියේ හිමි කර ගත්තා සේම පසුගිය වසරේ අප රටේ හට ගත් දරුණු භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකාව අපට ලබා දුන් ආධාර තුර්’කි ජනතාවගේ හදවත්ද ස්පර්’ශ කර ඇත. කරුණාභරිත හදචත් හිමි ශ්‍රී ලාංකේය ජාතියේ එම සහයෝගය අපි කිසිදා අමතක නොකරන්නෙමු.
ශ්‍රී ලංකාව මෙන්ම තුර්’කියේද සංචාරකයන්ගේ සිත් දිනා ගත් මනරම් රටවල් දෙකක් වන අතර මෙය වටහා සෘජු ගුවන් ගමන් සේවා වැඩි කිරීමට අප දෙරටේම ගුවන් සේවා සමාගම් එක්ව උනන්දුවෙන් කටයුතු කිරීම ප්‍රමෝදයට කරුණකි. තුර්’කියේ ගුවන් සමාගම දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කර අදට වසරක් පිරී ඇති අතර වර්තමානයෙහි අප දෙරට අතර දෛනික ගුවන් ගමන් වාර කිහිපයක්ම සැලසුම් කර තිබේ. ඉදිරි කාලපරිච්ඡේදය තුළ අප රටේ සිට මෙම සුන්දර දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අප බලාපොරොත්තු වන අතර එයට ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සහ ස්වභාවික සෞන්දර්’යද රුකුලක් වනු ඇති බව මගේ අචල විශ්වාසයයි. මෙම අන්තයෙන් අප දෙරටම සිදුකරන අන්‍යෝන්‍ය ප්‍රයත්නයන් දෙපාර්’ශවයටම ලාභදායී වනු ඇති බවට සැකයක් නැත.
ජාත්‍යන්තර සබඳතා කෝණයෙන් ගත් කල, වංචලශීලී භූගෝලීය ප්‍රදේශවල පිහිටා ඇති තුර්’කියේ සහ ශ්‍රී ලංකාව යන අප දෙරටටම හිමිව ඇත්තේ එක හා සමාන ජගත් උපායමාර්ගික දෘශ්ඨිකෝණයන් වන අතර මෙය මේ වන විට ජාත්‍යන්තර වේදිකාවල විශිෂ්ට සහයෝගීතාවයක් දක්වා විහිදී ඇත. අනෝන්‍යය අවශ්‍යතා සහ අවබෝධය මත පදනම්ව, තුර්’කියේ – ශ්‍රී ලංකා සබඳතා නව තලයකට ගෙන යාමට අපට අනගි අවස්ථා ගණන්වක්ම තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහ එහි මිත්‍රශීලී ජනතාව සමඟ විශ්වාසය සහ එක්සත් බව මත පිහිටා අප අතර සහයෝගීතාවය උසස් මට්ටම්වලට ගෙන යන්නට අප කටයුතු කරන බව මා අවධාරණයෙන් කියනු කැමැත්තෙමි.
ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය සමඟ අපගේ ද්විපාර්’ශවික සබඳතාවලට නව ජවයක් ලැබෙනු ඇති බවද මාගේ නොසැලෙන විශ්වාසයයි. එමෙන්ම නව ජනාධිපතිවරයා යටතේ විවිධ ක්‍ෂේත්‍රවල අපගේ සහයෝගීතාවය ශක්තිමත් වනු ඇතැයිද මා බලාපොරොත්තු වෙමු. අපගේ සහයෝගීතාවයේ විභවය පිළිබිඹු කරමින් ආර්’ථිකය, වෙළඳාම, ආයෝජනය, ආරක්ෂයව, සංචාරය සංස්කෘතිය, අධ්‍යාපනය සහ බලශක්ති යන විවිධ ක්‍ෂේත්‍රවල අපගේ සබඳතා ගැඹුරු හා ශක්තිමත් කිරීමට දැඩි දේශපාලන අවශ්‍යතාවයක් පවතින තත්වයක. ඉදිරි කාලපරිච්ඡේදවලදී ශ්‍රී ලංකාව සහ තුර්’කියේ අතර අනෝන්‍ය දැනුවත්භාවය වැඩි කිරීම අපගේ අරමුණයි.
තුර්’කියේ ජනරජයේ 101 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට අවස්ථාවක් ලැබීම මා ඉමහත් ගෞරවයක් ලෙස සලකන අතර නව තලවල් ඉලක්ක කරමින් හවුල්කාරිත්වය සහ අන්‍යෝන්‍ය අගයන් මත පදනම්ව දිනෙන් දින වර්’ධනය වෙමින් පවතින අප දෙරටේ සහයෝගීතාවය සහ මිත්‍රත්වය අඛණ්ඩව පවතිනු ඇතැයි මා උදක් විශ්වාස කරමි.