ශ්‍රී ලාංකික සිසුන් 200 දෙනෙක් පාකිස්තාන ‘අල්ලාමා මුහම්මද් ඉක්බාල්’ ශිෂ්‍යත්ව ලබා ගනී

0
73
NEWSNOW | – පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා පූර්’ණ හා අර්ධ වශයෙන් අරමුදල් සපයන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන වන
‘අල්ලාමා මුහම්මද් ඉක්බාල් ශිෂ්‍යත්ව වැඩසටහන’ යටතේ උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අද(30) පෙරවරුවේ සිදු කෙරුණි.
ඒ කොළඹ රමාඩා හෝටල් පරිශ්‍රයේදීය.
ශ්‍රී ලාංකික සහ පකිස්ථාන සිසුන් අතර ඵලදායී දැනුම හුවමාරුවක් සහ සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වනු ලබන අතර අද දින එහි ප්‍රධානියා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆෆීම් උල් අසීස් සහභාගී වූහ. ඊට අමතරව මහා සංඝරත්නයද සහභාගී වී සිටියහ.
මෙම වැඩසටහන යටතේ වෛද්‍ය, ඉංජිනේරු, ගෘහ නිර්මාණ, ව්‍යාපාර අධ්‍යාපනය, පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ වැඩසටහන් සඳහා ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.
සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් වල සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියහ.