ඉතාලි තානාපති කාර්’යාලයේ ඡායාරූපගත කළ අයෙක් රිමාන්ඩ්

0
185
NEWSNOW | – ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්’යාලයේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නොවැම්බර් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, තානාපති කාර්’යාලයේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්’ශනවලදී ඔහු සන්තකයේ තිබී ලිපි ලේඛන කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.