ශෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

0
59

NEWSNOW| –  බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිවය.

එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් මෙලෙස වරෙන්තුව නිකුත් කර ඇත.

අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකුට ද මෙහිදී වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ අනුව නොවැම්බර් 18 වෙනිදා වන විට ෂීක් හසීනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බව විදෙස් වාර්’තා වල දැක්වේ.