වාහන ආනයනයට රජය සූදානම්ද?

0
40

NEWSNOW| – විදේශ විනිමයට අහිතකර බලපෑම්වලින් තොරව ක්‍රමානුකූලව වාහන ආනයනයට ඉඩදීම සහ තවත් ඩොලර් අර්බුදයක් වළක්වා ගැනීමේ හැකියාව රජය සලකා බලමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අද(15) මාධ්‍ය අමතමින් අමාත්‍ය හේරත් මහතා වාහන ආනයනය සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, ඊට අදාළව පසුගිය කැබිනට් තීරණයක් ගත් බවත් අනාවරණය කළේය.

කෙසේ වෙතත්, නව රජය බලයට පත්වීමෙන් පසු හදිසි වාහන ආනයනයකට හෝ සහනදායි ආනයනයකට ඉඩ ලබා දී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“විදේශ විනිමයට බලපෑමක් නොවන හෝ තවත් ඩොලර් අර්බුදයක් ඇති නොවන විධිමත් ක්‍රමවේදයක් යටතේ වාහන ආනයනය කිරීම ගැන අපි සලකා බලනවා. වාහන ආනයනය සඳහා ඇති ඉල්ලුම සමඟ කටයුතු කිරීමට ක්‍රමයක් ලබා දීමට අපි බලනවා,” ඔහු පැවසීය.

බලයට පත් වූ දා සිට තීරුබදු සහන සහිත කිසිදු වාහන ආනයනයකට රජය ඉඩ ලබා දී නොමැති බව අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කළා.

කෙසේ වෙතත්, වාහන ආනයනයට අවසර දිය යුතු නමුත් පාලනය කළ යුතු ස්ථාවරයක රජය සිටින බවද ඔහු පැවසීය.