දිස්ත්‍රික්කයේ සාමය ස්ථාපිත කිරිමේදී තිබෙන ගැටළු 15 ක් හඳුනා ගනිමින් අවසන් වූ පුත්තලම අන්තර් ආගමික කමිටු වැඩමුළුව

0
74

NEWSNOW | – භාෂා ප්‍රශ්නය හා වැරදි මතයන් ඇතුළු දිස්ත්‍රික්කයේ සාමය ස්ථාපිත කිරිමේදී තිබෙන ගැටළු 15 ක් හඳුනා ගනිමින් පුත්තලම අන්තර් ආගමික කමිටු වැඩමුළුව සාර්’ථකව අවසන් කෙරුණි.

ජාතික සාම සභාවේ අනුග්‍රහයෙන් පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ තෝරාගත් සාමාජිකයන් සඳහා විශේෂ වැඩමුළුවක් පුත්තලම පාලාවිය වඩප් ආයතනයේදී අද(15) දිනය පුරා පැවැත්වුණි.

මෙම වැඩමුළුවට සම්පත් දායකයින් ලෙස ජාතික සාම සභාවේ ව්‍යාපෘති නිලධාරිනී ජෂානියා ජයරත්න මහත්මිය සහභාගී වූවාය.

ආගමික නායකයින් ලෙස බුද්ධියාගම චන්දරතන හිමි, සුන්දරරාම කුරුක්කල්තුමා, යොහාන් ජෙයරාජ් පියතුමා සහ අබ්දුල් මුජීබ් මවුලවිතුමා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් සහ තවත් නියෝජිතයින් ඊට සහභාගී වී සිටියහ.

අද දිනය පුරා පැවති මෙම වැඩමුළුවේදී පුත්තලම දිස්ත්‍රික්කය තුළ සාමය ස්ථාපිත කිරීමේදී මතුවන ගැටළු හදුනා ගැනීමට හැකි වීම විශේෂත්වයක් විය.

ඒ අනුව දිස්ත්‍රික්කයේ සාමයට බාධාවක් වන කරුණු 15ක් සොයා ගැනීමට මේ වැඩමුවේදී හැකි විය.

මේ කරුණු 15 න් පළමු කරුණ ලෙස භාෂා ප්‍රශ්නය ලෙසත්, දෙවැනි කරුණ ලෙස වැරදි මතය ලෙසත් හඳුනා ගැනුණි.

ඉදිරි වසර තුළ ජාතික සාම සභාව මඟින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙම සාම ක්‍රියාවලියට පුත්තලම අන්තර් ආගමික කමිටුව හරහා ලබා දියයුතු දායකත්වය පිළිබඳ හොඳ දැනුමක් මෙම වැඩමුළුව හරහා ලබා දීමට හැකි විය.

මෙම වැඩමුළුව මෙහෙයවීම අන්තර් ආගමික කමිටුවේ සම්බන්ධීකාරක මුස්නියා මෙනවිය විසින් සිදුකරනු ලැබුවාය.