NEWSNOW| – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ මාර්’ග ගත තාක්ෂණය ඔස්සේය.
ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මෙහිදී අදහස් දක්වමින් සමන්තා පවර් මහත්මිය පවසා ඇත්තේ, රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර සමානතාවයක් පවතින බවය.
ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා පූර්ණ සහය ලබාදෙන බවඳ සමන්තා පවර් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයා හමුවේ පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගය ඉහළ නැංවීම සඳහා කැපවන බවඳ සමන්තා පවර් මහත්මිය මෙහිදී පවසා ඇත.