ජනපතිටත් කොමිසමටත් බැන වැදුණු අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණු ඇත්ත හේතුව

0
71

NEWSNOW| – තම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළේ හිතාමතා තරුණයින්ට ඡන්දය ඉල්ලීමට අවස්ථාවක් දීමට වත්මන් ජනාධිපතිවරයා අකමැති නිසා බවට අශේන් සේනාරත්න නැමති තරුණ ව්‍යවසායකයා ඊයේ (11) දෝෂාරෝපණය කරමින් වීඩියෝවක් නිකුත් කළේය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු හා නීතිය පිළිබඳව හදාරා ඇති ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ මැතිවරණ කොමිසමේ උපදෙස් පත්‍රිකාවට අනුව කටයුතු නොකිරීම නිසා බව හෙළිවී තිබේ.

අදාළ උපදෙස් පත්‍රිකාවේ දැක්වෙන්නේ ස්වාධින කණ්ඩයමක් නාම යෝජනා බාර දීම කල යුත්තේ කණ්ඩයම් නායක විසින් බවයි.

නාම යෝජනා පත්‍රයේ මුලින්ම ලියන නම කණ්ඩයම් නායකයා බවද එහි දැක්වේ.

එම තැනැත්තා විසින් නාම යෝජනා පත්‍රය මැතිවරණ තේරීම් භාර නිලධාරියා වෙත නිල වශයෙන් ලබා දිය යුතු බවද උපදෙස් පත්‍රිකාවේ දක්වා තිබේ.

එසේ නොවන අවස්ථාවක නාම යෝජනා ප්‍රතික්ෂේප වේ. මෙහිදී ද සිදු ඇත්තේ එයයි.

තේරීම්භාර නිලධාරියා විසින් අශේන් නායකත්වය දැරූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කර ඇත්තේ එය වෙනත් පුද්ගලකු විසින් ඉදිරිපත් කිරීම නිසාය.

එසේ නාම යෝජනා බාරදීමට පැමිණි පුද්ගලයා අශේන් විසින් බලය ලත් පුද්ගලයකු ලෙස ඔහුගේ අවසරයක් ද ලබා දී නොතිබුණු අයෙක් බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර, ඔහුගේ නාම යෝජනා ලයිස්තුව ප්‍රතික්ෂේප කළ මැතිවරණ කොමිසම අභියෝගයට ලක් නොකොට රටේ ජනාධිපති අනුර කුමාර මහතාට දොස් නගමින් අශේන් සිදු කරන්නේ හුදු මඩ ප්‍රචාරණ කටයුත්තකි.

ඔහු එම වීඩියෝවෙන් මැතිවරණ කොමිසමේ නිළධාරීන් දුෂිත අය බවට ප්‍රසිද්ධියේ වන නම්