දේශීය පුවත් සෞදි අරාබි තානාපති ජනපති හමුවෙයි By Editor ලංකා - October 10, 2024 0 70 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්’යාලයේදී ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා හමුවී තිබේ. මෙහිදී ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජුගේ සුබපැතුම් අල්කතානි මහතා විසින් මා වෙත පිරිනමන ලදී. කලාපය තුළ පවත්නා වත්මන් තත්ත්වය සහ සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා සිදු කෙරිණි. මෙහි දී ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහාය සහ ජාතීන් දෙක අතර වන අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව ඔහු සියප්‍රශංසාව පළ කළේය. සෞදි අරාබිය වෙත ශ්‍රී ලංකාවේ තේ අපනයනය ඉහළ නැංවීම කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමුවිය. ශ්‍රී ලංකාව වෙත ආයෝජකයින් ආකර්’ෂණය කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව රජය දිරිමත් කළ අල්කතානි මහතා, සෞදි අරාබියේ ආයෝජන මෙරටට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ හිතකර පරිසරයක් නිර්’මාණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මට්ටමේ සෞදි ආයෝජනයන් ඇති බවත්, ඒ තුළින් අනාගත සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට හැකියාව සැලසෙන බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය. තවද, මෙම හමුව තුළින් දෙරට අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තව දුරටත් තහවුරු වනු ඇති බව අල්කතානි මහතා මෙහිදී සඳහන් කළේය.