අගමැති සහ අමාත්‍යවරයාගේ තැපැල් ඡායාරූප ගැන තැපැල් දෙපාර්’තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

0
43
NEWSNOW | – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ ඡායාරූප ඇතුළත් මුද්දර සම්බන්ධ මෑත කාලීන වාර්’තා සම්බන්ධයෙන් තැපැල් දෙපාර්’තමේන්තුව පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්’තමේන්තුව සඳහන් කළේ, ලෝක තැපැල් දිනය සැමරීම සඳහා උත්සවයේ ගෞරවනීය ආරාධිතයන් ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය හේරත් වෙත පුද්ගලීකරණය කළ තැපැල් මුද්දර ප්‍රදානය කළ බවයි.
වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් තමන් විසින් කාණ්ඩ කිහිපයක් යටතේ තැපැල් මුද්දර නිකුත් කළ බව සඳහන් කළ දෙපාර්’තමේන්තුව, අමුත්තන්ට පිරිනැමූ මුද්දර පුද්ගලීකරණය කළ මුද්දර කාණ්ඩය යටතේ බව ද සඳහන් කළේය.
ඕනෑම පුද්ගලයෙකුට තම රුව සහිත පුද්ගලාරෝපිත මුද්දරයක් ලබා ගත හැකි බව පවසන තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ සිදුවීම් සනිටුහන් කිරීම සඳහා දෙපාර්’තමේන්තුව විසින් පුද්ගලාරෝපිත මුද්දර පිරිනැමීම සම්ප්‍රදායක් බව පැවසීය.
කෙසේ වෙතත් මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ලෙස නිරූපණය කර විකෘති කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත තැපැල් මුද්දර නිකුත් කර නොමැති බව එම දෙපාර්’තමේන්තුව පවසයි.