NEWSNOW | – සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම්. ගුණසිරිගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරයි.
ඒ අනුව එම තනතුරේ වැඩ බැලීම සඳහා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. ඩී. එන්. ජයවීර වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
ඔහු ජනාධිපති කාර්’යාලයේ ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ II) වශයෙන් දැනට සේවය කරනු ලබයි.