ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිට කළ පුද්ගලයින් රක්‍ෂිත බන්ධනාගාරයට

0
52
NEWSNOW | – මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඒ ඔවුන් අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
සැකකරුවන් දෙදෙනා විසින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීම යටතේ චෝදනාවට ලක් විය.