NEWSNOW | – ලෙබනනයේ බේරුට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට ඊශ්‍රායලය අද (04) අලුයම ප්‍රහාරයක් දියත් කර ඇත.
ඉන් සිදුවූ බලපෑම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්’තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය සති කිහිපය තුල ඊශ්‍රායලය මෙලෙස එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 12කට වැඩි පිරිසක් අවතැන් වී තිබේ. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2000කට ආසන්නය.
මේ අතර, ඊශ්‍රයලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ජනපති මසුඩ් පෙසෙෂ්-කියන් පවසයි.
ඕනෑම ආකාරයේ මිලිටරි ප්‍රහාරයකට, හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට ඉරාන සන්නද්ධ හමුදාවන් විසින් සුදුසු පරිදි ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඉරානය වන්දි ගෙවනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලබාදුන් ප්‍රතිඥාවකට පිළිතුරු දෙමින් ය.
පසුගිය අගහරුවාදා ඉරානය, ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් එල්ල කල මිසයිල ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්’තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්’තා කරයි.