NEWSNOW | – ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරුට් අගනගරයේ දක්‍ෂිණ අන්තයට ගත වුනු සැපැත්ම්බර් සිකුරාදා (27) සිදු කරන ලද ගුවන් ප්‍රහාර මාලාවකනි හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායලය මෙන්ම හිස්බුල්ලාහ් සංවිධානයද නිල වශයෙන් පිළිගෙන ඇත.
පසුගිය දින කිහිපයක පටන් ඊශ්‍රායලය දරුණු ලෙසින් ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින තත්වයක හිස්බුල්ලාහ් නායකයාගේ අභාවය එම සංවිධානයට දැඩි පසුබැමකි. නස්රල්ලාහ් සමග හිස්බුල්ලාහ් සංවිධානයේ අල් කර්’කි වැනි ප්‍රධාන පෙළේ සෙන්පතියන් කිහිප දෙනෙකුම මරුමුවට පත්ව ඇති බවද පැවසේ. ඊශ්‍රායල ප්‍රහාර නිසා මහල් නිවාස සංකීර්’ණ හයක් සම්පුර්’ණයෙන්ම පොළොවට සමහතලා වී ඇත. තම නායකයා මිය ගියද ඊශ්‍රායලයට එරෙහි සිය රොකට් සහ මිසයිල ප්‍රහාරවල කිසි අඩුවක් නොතිබෙනු ඇත යයි හිස්බුල්ලාහ් අනතුරු අගවා ඇත.
ප්‍රහාරවලින් පසුව හිස්බුල්ලාහ් සිය ප්‍රහාර තීව්‍ර කරනු ඇතය යන බිය නිසා ඊශ්‍රායලය දැඩි විමසිලි තත්වයක් සිය රටෙහි ප්‍රකාශයට කර ඇත.වයස 64 ක් වු හසන් නස්රල්ලාල් වසර 32 ක්ම හිස්බුල්ලාහ් සංවිධානයට හමුදාමය මෙන්ම අධ්‍යාත්මික නායකත්වයද එකසේ ලබා දී ඇත.

පලස්තීනයෙහි ඊශ්‍රායලය සිදුකරන සැහැසිකම් සහ එයට එක්සත් ජනපදය ලබා දෙන සහය හෙළා දැකීම විෂයයෙහි නස්රල්ලාහ් ලෝක අවධානයට ලක්ව සිටියේය.හිස්බුල්ලාහ් සංවිධානයට පුර්’ණ සහයෝගය ලබා දෙන්නේ ඉරානයයි.
විචාරකයන් පවසන අන්දමට ඊශ්‍රායලය පවා නම ඇසු පමණින් සලිත වන සංවිධානයක් බවට හිස්බුල්ලාහ් පත් කළේ හසන් නස්රල්ලාහ්ය. ලොව අන් සටන්කාමී සංවිධාන මෙන් නොව හිස්බුල්ලාහ් යනු ඉතා සංවිධානාත්මක එමෙන්ම ඉතා සංවර කණ්ඩායමකි. නොබෝ දිනකින්ම හිස්බුල්ලාහ් තවත් නායකයෙකු පත් කරනු ඇති වුවද කිසිවෙකු නස්රල්ලාගේ අඩුව සපුරාලන්නට සමත් නොවනු ඇත යයි විචාරකන් පවසති. ගත වුනු වසර කිහිපයක් මුළුල්ලේ ඊශ්‍රායලයට එරෙහිව නස්රල්ලාහ් දැඩි පියවර ගනිමින් සිටි නිසා ඔහුගේ ජීවිතයට අනතුරක් තිබෙන බව වැටහී ඔහු ප්‍රසිද්ධ වැඩසටහන් කිසිවකට සහභාගී වීමෙන් වැළකී සිටියේය.
හිස්බුල්ලාහ් සංවිධානයේ සාමාජි්කයන් අයත් වන්නේ ඉරානයේද ප්‍රධාන ආගමික නිකාය වන ෂියා මුස්ලිම් නිකායටය. හිස්බුල්ලාහ් සංවිධානය මෙන්ම එහි නායක නස්රල්ලාහ් ඊශ්‍රායලය වැනි බාහිර සතුරන් සමග ගැටෙන්නා සේම ලෙබනනයේම සිටින සුන්නි මුස්ලිම් නිකාය සමගද අතීතයෙහි විටින් විට ගැටුම් ඇති කර ගෙන ඇත. සියලුම මැද පෙරදිග අරාබි රටවල් මෙන්ම ලොව බහුතරයක් මුස්ලිම් රටවල් අනුගමනය කරන්නේ සුන්නි ඉස්ලාම් පිළිවෙතයි.

නස්රල්ලාහ් තුරන් කිරීම තමන්ට සැලකිය යුතු ජයග්‍රහණයක් වුවද එයින් හිස්බුල්ලාහ් සංවිධානය අවසන් වු බවක් අදහස් නොවන බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලයට එරෙහිව කටයුතු කරන මැදපෙරදිග සටන්කාමී සංවිධානවලින් ඉතා ප්‍රබල ලෙස සන්නන්ධව සිටින්නේ හිස්බුල්ලාහ් සංවිධානයයි. එම සංවිධානය සතුව තවමත් දස දහස් ගණනින් රොකට්, මිසයිල සහ ප්‍රහාරක ඩෝනර් යානා තිබෙන බවට විශ්වාස කෙරේ.
කෙසේ වෙතත් ලෙබනනනයට එල්ල කරන ලද ප්‍රහාර සහ නස්රල්ලාහ් ඝාතණය කිරීම මගින් ඊශ්‍රායලය තමන් පතන ඕනෑම ඉලක්කයකට ළගා විය හැකිය යන පණිවවිඩය සතුරන්ට ලබා දී ඇති බව ඊශ්‍රායලය අවවාද කරයි.
එසේ වුවද, නස්රල්ලාහ් ඝාතණය ඉතා සියුම් ලෙස සැලසුම් කර, සිවිල් හානි අවම කර ගනිමින් සිදු කරන ලද්දක් නොව එය නිවාස සංකීර්’ණ මාලාවකට රාත්තල් තුනදහසේ බංකර් බස්ටර් බෝම්බ අති විශාල විශාල සංඛ්‍යාවක් පතිත කරමින් ඉවක් බවක් නැති සිදුකරන ලද්දකි.
නස්රල්ලාහ් ඝාතණය කරන්නට පෙර ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පාවිච් කළ පේජර් මෙවලම් පුපුරුවා හැරීම මගින්ද ඊශ්‍රායලය සැලකිය යුතු ජයක් වාර්’තා කළේය.
මේ අතර ඉරානයේ නායක ආයාතුල්ලාහ් අල් කමේනි අදහස් දක්වමින් නස්රල්ලාහේගේ වියෝව සංවේගජනක වුවද එය හිස්බුල්ලාහ් සංවිධානයේ ඊශ්‍රායලයට එරෙහි න්‍යාවය පත්‍රයෙහි අබමල් රේණුවක හෝ වෙනසක් ඇති නොකරනු ඇත යයි පැවසීය. නායකයෙකු හෝ ප්‍රමුඛ පෙළේ සාමාජිකයන් ඝාතණය වීම හිස්බුල්ලාහ් සංවිධානයේ ක්‍රියාකාරකම් මත අංශු මාත්‍ර හෝ බලපෑමක් ඇති නොකරනු ඇති බව සියෝනිස මරුවන් හොඳින් වටහා ගත යුතුය යයිද කමේනි අනතුරු අගවා ඇත. ඇත්තෙන්ම නස්රල්ලාහ්ගේ ඝාතණයෙන් පසු හිස්බුල්ලාහ් ඊශ්‍රායලයට එරෙහි සිය ප්‍රහාර දෙගුණ තෙගුණ කර ඇත.
කෙසේ වෙතත් ගත වුනු සතියක කාලය ඇතුලත ඊශ්‍රායලය ප්‍රහාර නිසා ලෙබනනයේ හත්සියයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්ව ගොසිනි. මෙයට අමතරව ලක්‍ෂ දෙකකට අධික සංඛ්‍යාවක් අවත්නැන්වද සිටිති. එමෙන්ම සොෟඛ්‍ය සේවා සපනය ස්ථාන 20 ක් පමණ සිය සේවා නවතා දමා ඇත යයි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මුළු ලොවම දැන් බලා සිට්න්නේ නස්රල්ලාහ් ඝාතණය සහ ලෙබනනයට එරෙහිව උත්සන්න වෙමින් පවතින ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ ඉරානයේ ඉදිරි පියවර කුමක් වනු ඇති යන්නයි. හමාස් නායක ඉස්මායීල් හනීයේ ඉරානයට පැමිණි සිටි විට ඔහුට එරෙහිව ඊශ්‍රායලය ප්‍රහාර එරල්ල කරමින් ඉරාන භෞමික සීමාව තුලම දරුණු උල්ලංඝනයක් සිදු කිරීම නිසා ඊශ්‍රායලයට ඉරානය ගෙවිය යුතු පරණ ණයක්ද තිබෙන තත්වය නිසා මැදපෙරදිග දැන් තිබෙන්නේ පිපිරීමට ආසන්න කාල බෝම්බයක් මෙන් යයි කීවොත් එය නිවැරදිය.