ජනාධිපතිවරණ සමයේ පැවති සාමකාමී බව ඉදිරි මහ මැතිවරණයේදීත් රකින්න – කැෆේ සංවිධානය ඉල්ලයි

0
67
NEWSNOW | – 2024 ජනාධිපතිවරණයට අදාළව පුර්’ව මැතිවරණ සමය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ සමය යන කාලසීමා තුනම සාමකාමී මැතිවරණයක් බවට ඉතිහාස ගත වන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පවසයි.
ජාතික මට්ටමේ මැතිවරණයකදී මෙලෙස සාමකාමී බව රැකීම රටක් ලෙස ඉතා හොඳ තත්ත්වයක් බවත්, ඒ අනුව මෙරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් ලෙස ජාත්‍යන්තරයට පවා හොඳ පණිවිඩයක් ලබා දුන් අවස්තාවක් ලෙස හැඳින්විය හැකිය. මැතිවරණය නිසි ආකාරයට පැවැත්වීමට සැලසුම් කර තිබීමත්, ප්‍රචණඩත්ත්වය වැලැක්වීමට සෑම විටම පියවර ගැනීමත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට හා කොමසාරිස් ජෙනරාල්වරයාට විශේෂ ස්තූතියක් පිරි නමන බවද මනාස් මකීන් මහතා කියා සිටියේය.
එසේම ශ්‍රී ලංකා පොලිසියට විශේෂ ස්තුතියක් පිරි නැමිය යුතුයි, මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ දින සිට මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සම්බන්ධ කරගනිමින් ජේෂ්ඨ පොලිස් අධිකාරී (පරිපාලන) සාකච්ඡා පත්වා අපේක්ෂකයින්ට පොඩි හෝ පහර දීමක් සිදු නොවීමට වගබලා ගැනීමට පොරොන්දු විය. ඊට සියළු පොලිස් නිලධාරීන් දායක කරගනිමින් ශ්‍රී ලංකා පොලිසිය කළ සේවයද අගය කළ යුතුය.
තවද ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් සඳහා සහය දැක්වූ හිටපු ජනාධිපතිවරයාටත්, සැමරුම්, පෙළපාලි වලින් තොරව ජයග්‍රහණය සාමකාමීව සැමරූ, පත්වූ නව විධායක ජනාධිපතිවරයාටත්,එම පක්‍ෂයේ දේශපාලන අධාරකරුවන්ටත් කැෆේ සංවිධානය ස්තූතිය පල කරන බව එහි විධායක අධ්‍යක්‍ෂවරයා පැවසීය. මෙම සාමකාමී පරිසරය ඉදිරි මහ මැතිවරණයේදීත් ආරක්ෂා කළ යුතු අතර එසේ කරන ලෙස සියළු දේශපාලන පක්‍ෂ වලින් සහ අපේක්‍ෂකවරුන්ගෙන් ඉල්ලා සිටීයි.