මන්ත්‍රී හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක්

0
131
NEWSNOW | – පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කෙරේ.
ඊයේ(30) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මේ බව තීරණය කර තිබේ.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්’තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි.
එම කමිටුවේ සාමාජිකයින් වන්නේ,
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා (සභාපති)
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක මහතා
විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල මහත්මිය