මෙවර ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් අවසන් තීරණය

0
65

NEWSNOW| – 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට වඩාත් සුදුසුම විකල්පය වන්නේ විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම බව නිර්දේශ  කෙරේ.

මතභේදයට තුඩු දුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.

එම වාර්තාව අධ්‍යයනය කර, ගතයුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවක් අධ්‍යාපන විෂයභාර අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසින් පත් කරන ලදී.

ඒ අනුව ඔවුන් ගත් තීරණ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

Oplus_131072