සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ගැන කොමසාරිස් ජනරාල්ගේ ප්‍රකාශය

0
72

NEWSNOW| –  ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට කරන චෝදනා සාවාද්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පවසයි.

ඔහු පැවසුවේ පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ 172ක් පමණක් බවය.එය පසුගිය රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සිදු කෙරුණු බවත් ඔහු පැවසුවේය.

එමගින් රුපියල් කෝටි 220ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ද සුරාබදු කොමසාරිස්වරයා පැවසීය.

මේ අතර 2023 සහ 2024 වර්ෂවලට අදාළව පවතින හිග බදු එළඹෙන නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට සියලු සමාගම් එකග වී ඇති බවද  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.