ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය ජනපතිට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක්

0
102

NEWSNOW| –  25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ සඳහා අද(28) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.

මෙහිදී ජනතාව අතරට ගිය ජනාධිපතිවරයාට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව අප වාර්’තාකරු පැවසීය.

එහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත වේ.