මහ මැතිවරණය ගැන කොමිසම කළ නිවේදනය

0
156

NEWSNOW| –  2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයක් මගින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් ය.

ඒ අනුව වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 19කි.