ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරනොදීම ගැන පරීක්ෂණයක්

0
146

NEWSNOW| –  ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරනොදී තැන් තැන්වල ගාල් කර ඇති අයුරු ඊයේ (24) සිට නිරීක්ෂණය විය.

මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (25) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග විවිධ පුද්ගලයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන එම ලේකම් කාර්යාලය අසල බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේ ගාල්කර තබා යන අයුරු දක්නට ලැබුණි.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා අද(25) පෙරවරුවේ බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලට පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පල කළේය.