NEWSNOW| – නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.
ඒ ඊයේ (23) පස්වරුවේය.
බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා එහිදී අගරදගුරු හිමි පාණන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙහිදී කාදිනල් හිමිපාණන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක්කර තිබේ.
එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ “ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාට මම සුබ පතනවා. ඒ වගේම මම කල්පනා කරනවා ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ බාරදුර කටයුත්ත ලංකාවේ ජනතාව එතුමාගේ කර උඩට දැන් පවරා තියෙනවා. මෙය දුෂ්කර කටයුත්තක් වෙන්න පුළුවන්. නමුත් අපේ සම්පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ලබාදෙන බවට ප්‍රතිඥා දෙනවා. ඒ වගේම දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් ඔබතුමාගේ කාර්ය ඉදිරියට කරගෙන යන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.”
මේ අතර ඊයේ(23) පස්වරුවේම ජනාධිපතිවරයා කොළඹ දවටගහපල්ලිය වෙත ගොස් මුස්ලිම් ආගමික වතාවත් සඳහා එක්ව ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.