NEWSNOW| – අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.
ඒ ජනාධිපතිවරයා විසින් ගත් තීරණයකට අනුවය.
පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බල පැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇති බවය.