ජනාධිපතිවරණ පෙරහුරුවක්

0
120

NEWSNOW| – ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග පිටත්වීම ආරම්භවී තිබේ.

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 7ට ආරම්භ කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබාදී තිබේ.

අද දහවල් 12 පමණ වනවිට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත අදාළ නිලධාරීන් ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන් අනතුරුව අද දිනයේදී පෙරහුරුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

හෙට (21) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙයි.

ඡන්දදායකයින් 17,140,354 ක් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.