ICC – T20 ලෝක කුසලානයට යන කාන්තා සංචිතය නම් කරයි

0
231

NEWSNOW| –  2024 ඔක්තෝම්බර් 3 සිට 20 දක්වා UAE හි පැවැත්වෙන ICC කාන්තා T20 ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව, චමරි අතපත්තුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම 2024 සැප්තැම්බර් 23 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත.