කැනේඩියානු රජයෙන් දැඩි තීරණයක්

0
150
NEWSNOW | – අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබේ.
කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින් විදෙස් ශිෂ්‍ය බඳවාගැනීම් අවම කෙරෙන අතර එය 2023 වසරට සාපේක්ෂව 36%ක කප්පාදුවකි.
විදේශීය සිසුන් සහ ශ්‍රමිකයින් ඇතුළුව රට තුළ තාවකාලිකව රැඳීසිටින පිරිස් අවම කිරීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගෙන ඇත.
මේ යටතේ රැකියා බලපත්‍ර ලබාගැනීම සම්බන්ධ නීති දැඩි කිරීමටත් කැනඩා රජය තීරණය කර තිබේ.
ඉන්දීය මාධ්‍යවලට අනුව කැනේඩියානු රජයේ මෙම පියවර මගින් වැඩි බලපෑමක් එල්ල වන්නේ ඉන්දීය සිසුන්ට බව සඳහන් වේ.
මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.