ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

0
54

NEWSNOW | – සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 20 වනදා රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

ඒ මහතා ඊයේ (16) රාත්‍රී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 93 වැනි වියේ පසුවුණි.

ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය අද(17) පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැම්පත් කිරීමට නියමිතය.

ලබන 20 වනදා දහවල් 12.00 දක්වා එම ස්ථානයේ තැම්පත් කර තැබෙන ඒ.ටි. ආරියරත්න මහතාගේ දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතය.

20 වනදා පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.