22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් තුනක පිටපත් කථානායකවරයා වෙත.

0
5

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.

ඒ අද පාර්ලිමේන්තු සභා කටයුතු ආරම්භයේදී කථානායකවරයාගේ නිවේදන දැනුම් දෙමිනි.

එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සම්වල පිටපත්ද කථානායකවරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here