සිය වෙළෙඳපොළ පුළුල් කරමින් අලෙවිය නැවත ඉහළ නංවාගැනීමේ අරමුණින් 2030 වසර වන විට නව මෝටර් රථ මාදිලි 13ක් වෙළෙඳපොළට හඳුන්වාදීමට ස්වීඩනයේ Volvo Cars සමාගම සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ප්‍රධාන විධායක නිලධාරී Hakan Samuelsson ගේ නායකත්වය යටතේ එක් එක් කලාපයට ගැලපෙන පරිදි නිෂ්පාදන පෙළ සරල කිරීමට සමාගම පියවර ගෙන තිබේ.
ඒ අනුව බටහිර වෙළෙඳපොළ සඳහා SPA2 සහ SPA3 තාක්ෂණික වේදිකා භාවිත කරමින් නව මාදිලි 7ක්ද, චීන වෙළෙඳපොළ උදෙසා එහි සහෝදර සමාගමක් වන Geely Auto සමඟ එක්ව සංවර්ධනය කෙරෙන නව මාදිලි 6ක්ද ඉදිරිපත් කිරීමට නියමිතය.

