2027 මුදල් වර්ෂයට අදාළ අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අයවැය තෙවනවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර, සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට මෙම විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වනු ඇත.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 අයවැය යෝජනාවලිය ඉකුත් නොවැම්බර් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
නොවැම්බර් 13 වැනිදා සිට දින 7ක් පුරා පැවති දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව ඊයේ (20) පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත විය (පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක්).

