2026 ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍ය දිවයිනේ ප්‍රථම ස්ථානය යාපනයේ සුරේන්දර් සබීන් සිසුවාට

0
21

2026 ඡන්ද අංක පහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දෙමළ මාධ්‍යයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට යාපනය, මල්ලාකම් තංගම්මා අප්පාකුට්ටි කණිෂ්ඨ විද්‍යාලයේ සුරේන්දර් සබීන් සිසුවා සමත්ව තිබේ. ඔහු මෙම විභාගයේදී ලකුණු 188ක් ලබාගෙන ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම විද්‍යාලයෙන් සිසුවෙකු ශිෂ්‍යත්ව විභාගය සමත් වූ පළමු අවස්ථාව මෙය බව ප්‍රදේශයේ ගුරුවරුන් පවසති.

සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සුරේන්දර් සබීන් සිසුවා සඳහන් කළේ, තමන්ගේ මෙම ජයග්‍රහණය පිටුපස සිටි දෙමාපියන්ට සහ කුඩා කල සිට අධ්‍යාපනය ලබාදුන් සියලුම ගුරුවරුන්ට ස්තූතිය පිරිනමන බවයි. ඉදිරියේදීත් හොඳින් අධ්‍යාපනය හදාරා රටට වැඩදායී පුද්ගලයෙකු වීම සිය අපේක්ෂාව බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉකුත් අගෝස්තු 09 වනදා පැවැති විභාගය සඳහා අයදුම්කරුවන් 294,132ක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිටියහ.

මෙවර කඩඉම් ලකුණ 139ක් වන අතර සිසුන් 56,000ක් එම කඩඉම් ලකුණ හෝ ඊට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇත.

මෙවර විභාගය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 1,018 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් 18 දෙනෙකු බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට මුහුණ දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here