අද (26) නිකුත් කළ 2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ අදාළ වෙබ් අඩවිවලට අභියාචකයාගේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් මෙම ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකි බවයි. මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැති සාමාන්‍ය පෙළ විභාගයට අදාළවය.
නිකුත් කරන ලද ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ විමසීමක් පවතී නම්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැක.ඊට අමතරව 011 2784208, 011 2784537 හෝ 011 2785922 යන දුරකථන අංක ඔස්සේ ද අදාළ විමසීම් සිදුකිරීමට පරීක්ෂාර්ථකයින්ට අවස්ථාව සලසා දී තිබේ.

